vivo ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරයි.

0

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි. අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ හදපිරි ස්තූතිය මෙම අවස්ථාවේදී vivo විසින් පිරිනමනු ලබයි.

vivo 2017 දී ශ්‍රී ලංකාව තුළ සිය දැවැන්ත ගමන ආරම්භ කළ අතර මෙම වසර 5 තුළ සිය නව්‍ය ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණය සහ පාරිභෝගික සත්කාර සේවා හරහා සාර්ථක ස්ථානයක් ගොඩනගාගෙන ඇත. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් කිරීමේ බෙන්ෆෙන් දර්ශනය  අනුගමනය කිරීමෙන් සහ ඔවුන්ගේ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය තුලින් vivo විසින් ගෝලීය නවෝත්පාදන රැසක් කලාපයට හඳුන්වා දී තිබේ.

vivo, සන්නාමයක් ලෙස වෙළඳපල තුල, පාරිභෝගිකයින් සමඟ ශක්තිමත් සබඳතා නිර්මාණය කර ගැනීම සහ ඔවුන්ගේ තාක්ෂණික නවෝත්පාදනයන් හරහා පාරිභෝගිකයින්ගේ ජීවන රටාව පහසු කරන සහ වටිනාකමක් එකතු කරන නිෂ්පාදන හදුන්වාදීම අරමුණු කොටගෙන සිටී. vivo සිය නිෂ්පාදන ශ්‍රී ලාංකීය ස්මාර්ට්ෆොන් වෙළඳපලට හඳුන්වා දීමෙන් පසු අද වනවිට, 2500කට අධික ශක්තිමත් වෙළඳ ජාලයක් හරහා අලෙවිය සහ අලෙවියෙන් පසු සේවා සපයමින් කැපී පෙනෙන සහ විශ්වාසනීය සන්නාමයක් ලෙස ජනප්‍රියත්වය ලබා ඇත. තවද කලාපීය වෙළෙඳපොළ තුළට තවදුරටත් පිවිසෙමින් vivo විසින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට සුවිශේෂී සේවාවක් සහතික කිරීමේ අරමුණින් ප්‍රධාන සමාගම් සමඟ ව්‍යාපාරික හවුල්කාරිත්වයන්ට එළඹ ඇත.

සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවයන් සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරමින් vivo Sri Lanka විසින් නව්‍ය විශේෂාංග සහ කැපී පෙනෙන මෝස්තර සහිත ආකර්ශනීය ස්මාර්ට්ෆෝන් පෙළක් විවිධ මිල පරාසයන්  හරහා හඳුන්වා දී තිබේ. V සහ Y ශ්‍රේණිවල නිෂ්පාදන අද වනවිට පාරිභෝගිකයින් විසින් ආදරයෙන් වැළඳගෙන තිබේ. V ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා ජංගම ඡායාරූපකරණයට සුවිශේෂී විශේෂාංග ඒකාබද්ධ කිරීම තුලින් සහ Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා දැරිය හැකි මිලකට විවිධාකාර විශේෂාංග සහ ප්‍රමුඛ කාර්ය සාධනයක් සහිත නිෂ්පාදන හඳුන්වා දීම තුලින් vivo විසින් තරුණ පරම්පරාවෙහි මිතුරෙකු බවට පත්ව ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “වසර 5ක් පුරාවට ශ්‍රී ලංකාව තුල අප ආ ගමන් මග පිළිබඳව සන්නාමයක් ලෙස අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ නවෝත්පාදන ප්‍රවේශය සමඟින්, අභියෝග හමුවේ වුවද, බොහෝ පරිශීලකයින්ට ප්‍රතිලාභ ලබා දීමට සමත් වූ  අති නවීන තාක්ෂණයන් රට තුළට  හඳුන්වා දීමටත් අපට හැකියාව ලැබුනා. සිය පක්‍ෂපාතිත්වය නිරතුරුව අපට ලබා දෙමින් අපිව දිරිමත් කරන අපගේ ආදරණීය පාරිභෝගික ප්‍රජාව මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් මතක් කිරීමට කැමතියි. vivo Sri Lanka හි අතිවිශිෂ්ට සාර්ථකත්වය, අපගේ කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයින්, අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ හවුල්කරුවන් සියල්ලගේම සාමූහික උත්සාහයක ප්‍රතිඑලයක්. ඉදිරියටත්  අපගේ සේවාවන් අඛණ්ඩව ව්‍යාප්ත කිරීමටත්, හොඳම තාක්‍ෂණය සැපයීමටත්, විශාල ඩිජිටල් ඒකාබද්ධතාවයක් කරා රට ගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා”.

vivo හි සන්නාම වටිනාකම්වල ප්‍රධාන අංගයක් වන්නේ ප්‍රජාව වෙත ආපසු දෙයක් ලබා දීමට ඇති කැපවීමයි. ප්‍රජා ප්‍රතිලාභ සහ ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම තුලින් vivo විසින් පාරිභෝගිකයින්ගේ නිරන්තර සහයෝගය සඳහා කෘතගුණ දක්වා ඇත. සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවන් සිය සේවා මධ්‍යස්ථානවලින් ලබා දීම තුලින් පාරිභෝගික සේවා අත්දැකීම වැඩිදියුණු කිරීම vivo හි අරමුණයි. ශ්‍රී ලාංකීය ප්‍රජාවට තවදුරටත් සහය දැක්වීමේ ක්‍රියාකාරී ප්‍රයත්නයක් ලෙස, vivo විසින් #vivocares CSR ව්‍යාපෘතියක් දියත් කරන ලද අතර, තරුණ පරම්පරාවේ අධ්‍යාපන අවශ්‍යතා සවිබල ගන්වමින් අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ ස්මාර්ට් පුවරු පාසල් වෙත පරිත්‍යාග කිරීම එයින් සිදු විය.

උසස් තාක්ෂණයන් හඳුන්වාදීම සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති මගින් ජීවන රටා වැඩිදියුණු කිරීම තුලින් vivo විසින් ශ්‍රී ලංකාව තුල සියල්ලන්ගේම ඇගයීමට පාත්‍රවන සන්නාමයක් බවට පත්වී ඇත. කාර්යක්ෂම පාරිභෝගික සහයක් පවත්වා ගැනීම  සහ ඩිජිටල් නවෝත්පාදනයන් වැඩිදියුණු  කිරීම තුලින් ඉදිරියටත් සුවිශේෂී ගමනක් යාම vivo හි පැතුමයි. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *