HUTCH – oDoc අත්වැල් බැඳ ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ටෙලි මෙඩිසින්සේවාවේ නවමු වෙනසක්

0

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යනමෙම නවතම සම්බන්ධතාවයඔස්සේ, සුවිශේෂී ටෙලි මෙඩිසින් සේවාවක් දැන් පාරිභෝගිකයින් හට පිරි නැමේ. එමගින් සතියේ දින හතේම, පැය 24 පුරාම ක්‍රියාත්මක අන්තර්ජාලවිශේෂඥGP වීඩියෝ චැනලින් සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයන් අවස්ථාව සැලසී තිබේ. ඒ අනුව, ඕනෑම හච් පාරිභෝගිකයකුට සිය ජංගම දුරකතනය මගින් මෙම සේවාව බුක් කිරීමෙන් මිනිත්තු තුනක් ඇතුළත මෙම වෛද්‍ය සේවාව ලබාගත හැකි වීම විශේෂත්වයකි.

රට තුළ තවමත් පහව නැති කොවිඩ් අවදානම හේතුවෙන් අසනීප තත්වයන් පැවතියද, රෝහල් ගත වීමට මෙන්ම, ප්‍රතිකාර ලබා ගැනීම සඳහාද රෝහල් වෙත යාමට බොහෝ දෙනා මැළිකමක් දක්වති. එවන් පසුබිමක, සුළු අසනීප තත්ත්වයන් හමුවේ රෝහල් වෙත යාමේ අවශ්‍යතාවය අවම කරන සුදුසුම විකල්පය ලෙසින් මෙම වෛද්‍ය සේවාව හඳුන්වා දිය හැකිය. එමෙන්ම, වෛද්‍ය සහය අපේක්ෂාවෙන් පැය ගණන් රැඳී සීටීමට අකමැති රෝගීන්ට, ඔවුන්ගේ භාරකරුවන්ට මෙන්ම, වැඩිහිටි පුද්ගලයන්ටද අස්වැසිල්ලක් සලසමින් එලෙස රෝහල්වල රැඳී සිටීමේ අවශ්‍යතාවයද මෙමගින් අවම කර තිබේ.

තවද, විශේෂඥ වෛද්‍ය සහය ලබා ගැනීමට අපහසු, ඉතා දුරබැහැර ප්‍රදේශවල සිටිනා හච් පාරිභෝගිකයින්ටද වෛද්‍ය සහය ලබා ගැනීමට ඇති හොඳම විකල්පය ලෙසින් මෙම සේවාව හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට ජංගම දුරකතනය මගින් ඒ සමගින් සම්බන්ධ වී කොළඹ සිට අත්විඳිය හැකි වෛද්‍ය සහය, ස්වකීය ප්‍රදේශයන්හි සිටම ලබා ගැනීමට හැකියාව පැවතීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයකි.

HUTCH- oDoc අත්වැල් බැඳ ගනිමින් හච් පාරිභෝගිකයින් වෙත පිරි නමන මෙම විශේෂඥ වෛද්‍ය සේවාව, මසකට රු. 99/= ක් හා බදු ඇතුළත් ඉතාමත් පහසු මිලකට ලබා ගත හැකිය. පාරිභෝගිකයින්ට, *6363# අංකනය කර දවසේ ඕනෑම වේලාවක මෙම සේවාව වෙත ප්‍රවිශ්ට විය හැකි අතර, වෛද්‍ය සහය පිරිනැමීම සඳහා 600 කට අධික වෛද්‍යවරුන් පිරිසක් වෙත ප්‍රවේශ වීමට එමගින් හැකියාව සලසා තිබේ. රෝග නිශ්චයෙන් හා සවිස්තරාත්මක වෛද්‍ය උපදෙස්වලින් අනතුරුව, දුරකතනය මගින් ඖෂධ නිකුත් කිරීමේ හැකියාව වෛද්‍යවරුන් සතුව පවතී.

oDoc සමග ඇතිකරගත් හවුල්කාරිත්වය හේතුවෙන්,සමාජයේ වැඩි පිරිසක් වෙත, වෛද්‍ය පහසුකම් ළඟා කරලීමටත්,‍් දුරකතන සන්නිවේදනය සම්බන්ධ අමතර සේවාවන් පිරි නමමින් තවදුරටත් පුළුල් පාරිභෝගික පදනමක් වෙත ළඟා වීමටත් හච් වෙත හැකිව තිබේ. මෙම නවතම අත්වැල් බැඳ ගැනීම පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා මෙලෙස සඳහන් කළේය.

“හච් කියන්නේ, ජනතාඅවශ්‍යතා සපුරාලීමේ සමාජ වගකීමක් සහිත සමාගමක්. රට පුරා සියලු නිවාස කරා, ඉතාමත් පහසු මිලකට මෙම වෛද්‍ය පහසුකම් ලබා දීමේ, මෙවැනි මහඟු සත්කාර්යයන් සඳහා අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. සෞඛ්‍ය සේවාවේ මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා,ටෙලි මෙඩිසින් සේවාව ඉවහල් වන අතර, කොවිඩ් අවදානම ඇති මේ කාලයේ එය ඉතාමත් වැදගත් සේවාවක්ද වෙනවා. අපගේ හිතවත් පාරිභෝගිකයින් හට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙම සේවාව ලබා දීම සඳහා ODoc හා සම්බන්ධවීමට හැකි වීම අපට ආඩම්බරයට කරුණක්.”

මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින්, ODoc හි ප්‍රධාන විධායක නිලධාරි හේෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“ODoc හි අප ප්‍රමුඛතාව ලබා දෙන්නේ, සෑම අයකුගේම සෞඛ්‍යය සඳහා මුල් තැන දී කටයුතු කිරීමටයි. ශ්‍රී ලංකාව පුරාම 300,000 කට අධිකoDoc පරිශීලකයින් හා ඇප් බාගත කිරීම් 3500 ක් සහිතව අපි, ශ්‍රී ලංකාවේ ටෙලි මෙඩිසින් සේවාවේ පුරෝගාමීන් විදිහට කටයුතු කරනවා.අද වන විට, වෛද්‍යවරුන් මුණ ගැසීමට යාම්වලින් 75% ක්ම වීඩියෝ ඇමතුම් මගින් හැසිරවිය හැකි ප්‍රවණතාවක් පවතින බවට ඇමරිකානු වෛද්‍ය සංගමය විසින් සනාථ කර තිබෙනවා. ඒ වගේම, මෙම නවතම ප්‍රවණතාවයෙන් මෙලෙස  ප්‍රයෝජන ගැනීමට හැකි වීම ගැන අපි ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම සේවාව පාරිභෝගිකයින් වෙත පිරිනැමීම සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ අංශ 50 කින් විශේෂඥභාවයට පත් වෛද්‍යවරුන් 450 කට අධික සංඛ්‍යාවක් අප හා එක් වී සිටිනවා. මෙවැනි සේවාවක් තිබීම මගින් නිරන්තරයෙන් රෝහල් කරා යමේ කරදරයෙන් පාරිභෝගිකයින් වළක්වමින් ඔවුන්ට විශාල සහනයක් සැලසෙනවා.”

සෞඛ්‍යය අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහයෙන් ක්‍රියාවට නංවන මෙම සේවාවෙහි අරමුණ, මෙරට සෞඛ්‍යයසේවයේ ගුණාත්මකභාවය ඉහළ නංවමින්, ප්‍රමාණවත්සෞඛ්‍යයසේවාවක් ලබා ගැනීමේ අවකාශ සෑම ශ්‍රී ලාංකිකයකු වෙතම පිරි නැමීමයි.

නම් සහ තනතුරු පහත පරිදි වේ:

වමේ සිට- නබීල් මිල්හාන් (oDoc ආයතනයේ නව ව්‍යාපාර සංවර්ධන හා විකුණුම් අංශ ප්‍රධානී), කීත් ද අල්විස් (oDoc ආයතනයේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරී), හේෂාන් ප්‍රනාන්දු (oDoc ආයතනයේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී), හම්ඩි හසන් (අලෙවි සාමාන්‍යාධිකාරී – හච්) , ෆිරාස් මාකර් (AGM හවුල්කාරිත්ව සහ සන්ධාන – හච්)

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *