අවදානම් අඩු නිකොටින් නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන දැඩි සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් ජීවිත 85,000ක් අහිමි වනු ඇත
ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව, අවදානම් අඩු නිකොටින් නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන දැඩි සීමාකාරී ප්‍රවේශය හේතුවෙන් දුම්කොළ පරිශීලකයින්ට ඉන් මිදීමට ඇති මාවත් ඇහිරී ඇති අතර, ජීවිත 85,000ක් බේරා ගැනීමට ඇති අවස්ථාව ද ඒ හරහා ගිලිහී යමින් පවතී.
Smoke Free Sweden ආයතනය විසින් Tale of Two Nations: Sri Lanka v Sweden නමින් ප්‍රකාශයට පත් කරන ලද මෙම සුවිශේෂී අධ්‍යයනය මඟින් පෙන්වා දෙන්නේ, ස්නස් (Snus), නිකොටින් පවුච් (Nicotine pouches) සහ වේප් (Vapes) වැනි අවදානම් අඩු නිකොටින් නිෂ්පාදන පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම හරහා ස්වීඩනය සිය රටේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය 5.3% දක්වා අඩු කරගෙන ඇති බවයි. එය යුරෝපා සංගමයේ අඩුම අගය වේ.
ඊට හාත්පසින්ම වෙනස්ව, ශ්‍රී ලංකාව තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන සඳහා පනවා ඇති පූර්ණ තහනම සහ දුම් රහිත නිකොටින් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින නියාමන හිඩැස හේතුවෙන් 100%ක නීති විරෝධී වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට මිලියන 1.5ක දුම් පානය කරන්නන් සහ මිලියන 2.2ක දුම් රහිත දුම්කොළ පරිශීලකයින් හට අවදානම් අඩු හෝ නීත්‍යානුකූල විකල්ප නොමැති වී ඇත. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ දෛනික දුම්පානය කිරීමේ අනුපාතය 10%ක් වන අතර එය ස්වීඩනයේ අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
“ශ්‍රී ලංකාව තුළ දුම්පානය තවමත් ප්‍රධාන මහජන සෞඛ්‍ය අභියෝගයක්ව පවතින අතර, එමඟින් වසරකට අකල් මරණ 12,000ක් පමණ සිදු වේ,” යැයි ප්‍රකට අන්තරාසර්ග රෝග විශේෂඥ වෛද්‍ය සහ මෙම වාර්තාවේ සම කර්තෘ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා පවසයි.
“ස්වීඩනයෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ දුම් පානය කරන්නන්ට නියාමනය කරන ලද, අවදානම අඩු කළ හැකි නිෂ්පාදන ලබා ගැනීමට පහසුකම් සැලසූ විට ඔවුන් විශාල වශයෙන් එම විකල්ප වෙත යොමු වන බවත්, දුම්පානය ආශ්‍රිත මරණ සීඝ්‍රයෙන් පහත වැටෙන බවත්ය. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම යථාර්ථය හඳුනා නොගන්නා තාක්, අනවශ්‍ය ලෙස තවත් බොහෝ ජීවිත ප්‍රමාණයක් අහිමි වනු ඇත.”
දුම්කොළ හානි අවම කිරීමේ උපාය මාර්ග අනුගමනය කිරීමෙන් ඉදිරි දශක හතර තුළ ශ්‍රී ලංකාවේ ජීවිත 85,000ක් පමණ බේරා ගත හැකි බව පෙන්වා දෙන මෑතකාලීන පර්යේෂණයකට සමගාමීව මෙම වාර්තාව නිකුත් කර ඇත.
“තහනම් කිරීම් මඟින් නොව, දුම් පානය කරන්නන් සඳහා අවදානම් අඩු විකල්ප ලබා දීමෙන් යුරෝපයේ ඉහළම දුම්පාන අනුපාතයක සිට අඩුම අනුපාතය දක්වා ගමන් කළ හැකි ආකාරය ස්වීඩනය ඔප්පු කර පෙන්වා දී තිබේ,” යැයි Smoke Free Sweden හි ප්‍රධානී සහ වාර්තා දෙකෙහිම සම කර්තෘ වෛද්‍ය ඩෙලෝන් හියුමන් පවසයි.
“හානි අවම කිරීමේ ප්‍රවේශය මඟින් ජීවිත බේරා ගත හැකි බවට ප්‍රායෝගික සාක්ෂි තිබේ. ශ්‍රී ලංකාවට ද මෙම මාවත අනුගමනය කිරීමෙන් ඉදිරි දශක කිහිපය තුළ අකාලයේ මිය යාමට නියමිත තම පුරවැසියන් 85,000කගේ ජීවිත බේරා ගැනීමට අවස්ථාව ඇත.”
අවදානම් අඩු නිකොටින් නිෂ්පාදන සඳහා නියාමනය කරන ලද වෙළෙඳපොළක් ක්‍රියාත්මක කරන ලෙසත්, අවදානම මත පදනම් වූ බදු ක්‍රමයක් හඳුන්වා දෙන ලෙසත්, පාරිභෝගිකයින්ට නීත්‍යානුකූල සහ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන ලබා දීම හරහා නීති විරෝධී වෙළෙඳාම මර්දනය කරන ලෙසත් මෙම වාර්තාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.